Hotline: (+94) 071 55 600 55
අරළු.

අරළු.

හරීතකී සදා පත්‍යා
මාතරී හිතවත්කරා
කදාචිත් කුප්‍යතේ මාතා
න කදාචිත් හරීතකී

අරළු සැමදා පත්‍ය වේ.
යම්සේද මවමෙනි.
( ශරීරයට ඇති හිතවත්කම වෙනස් නොකරයි අම්ම වගේ )
යම්දිනක මවද කිපෙයි.
අරළු කිසිදා එසේ නොකරයි.

සිංහල නාමය: අරලු
සංස්කෘත නාමය: හරීතකී
දෙමළ නාමය: කඩුක්කායි
කුලය: Combretaceae

අරලු ප්‍රබේධ 7කි.

  1. විජය ( දියලබු ගෙඩියේ හැඩය )
  2. රෝහණී ( රවුම් ගෙඩී )
  3. පුතනා ( පොත්ත තුනී )
  4. අමෘතා ( පොත්ත ඉතාමත් ඝනකම මස සහිත )
  5. අභය ( දාර 5ක් ඇති )
  6. ජීවන්ති ( රන්වන් පාට ඇති )
  7. චේචකී ( දාර 3ක් ඇති )

අරළුවල ඖෂධ වශයෙන් යොදෑගැනෙන්නේ. ගෙඩියේ පිට ලෙල්ල, ඇට, මද, පොත, සම්පූර්ණයෙන්ම ගෙඩියද ලෙඩරෝග සදහ යොදාගැන.

ලංකාව, ඉංදියාව, බුරුමය, තායිලන්තය, සහ මැලේසියාවේ දක්නට ලැබේ.

අරළු කියන්නෙ,

  • රෝග පීඩා වලකන
  • සිරුර පිරිසිදු කරන
  • කය ලස්සන කරන
  • තරුණබව රැකදෙන
  • රෝබිය දුරුකරන

විශේෂිත ගුණයන්ගෙන් යුත් ඖෂධයකි. ඒ වගේම ආයුර්වේදයේ ත්‍රිපලා කියන වා, පිත්, සෙම් යන තුනටම ගුනදෙන ඖෂධය සදහා අරළු, බුලු, නෙලි යොදාගැනේ.

අරළු වලින් සුවපත්වන රෝග වන්නේ,
ප්‍රමේහය, අර්ශස්, කුෂ්ඨ, ඉදිමීම්, උදරයේ පනුවන්,
ග්‍රහනියේ රෝග, මලබද්දය, ඇස් රෝග,
විශම උණ, ඇග කැසීම, හර්ද රෝග, මුත්‍රාසයේ රෝග,
වා, පිත්, සෙම් නිසා ඇතිවන සියලුම රෝගාබාදයන්,
නුසුදුසු වන්නේ, ගැබිනි මවුවරුන්‍ට, ඇටමිදුලු දුර්වල අයට

aralu-2

අමු අරලු ගෙඩියක් දවසක් ඇර දවසක් තම්බලා බොන්න පුළුවන්නම් ශරීරයට ඉතාම හිතකර වේ. බොහෝමයක් රෝගවලට හේතුවෙන්න වැරදි ආහාර විහරණයන් හා ආමය නොපැසවීම නිසා හටගත් දෝශයන්ගෙනි. අරළු නිසා මෙමෙ තත්වය මගහරවයි. ශරීරයට කිසිම හානියක් නොකරන අරළු ශරීරයට ඇති හිතවත්කම, මවකගෙන් දරුවෙකුට ලැබෙන ආදරය කරුණාව මෙනි. ඒ නිසාම අරළුවලට අම්මා යන නාමයත් බැදී පවතී. මෙවැනි දුර්ලබ ගස් රැකබලා ගැනීම අප සියල්ලන්ගෙම යුතුමයි.

ඔබත් මෙය අගය කරනවානම් ශෙයා කරන්න.

තෙරුවන්සරනයි…!!

0 Shares

This Post Has 7 Comments

  1. You really make it seem so easy with your presentation but I find this topic to be actually something that I think I would never understand. It seems too complex and very broad for me. I am looking forward for your next post, I’ll try to get the hang of it!

  2. It’s in reality a nice and helpful piece of information. I’m glad that you simply shared this useful information with us. Please stay us up to date like this. Thanks for sharing.

  3. Great site! I am loving it!! Will be back later to read some more. I am taking your feeds also.

  4. Hi, very nice website, cheers!
    ——————————————————
    Need cheap and reliable hosting? Our shared plans start at $10 for an year and VPS plans for $6/Mo.
    ——————————————————
    Check here: https://www.reliable-webhosting.com/

Leave a Reply