Hotline: (+94) 071 55 600 55
ඔබ නොසිතා විනාශ කරන දෙයකින් ජීවිතයක් ගොඩගන්න පුලුවන්, ඒ පිලිබදව දැනුවත් වෙමු.

ඔබ නොසිතා විනාශ කරන දෙයකින් ජීවිතයක් ගොඩගන්න පුලුවන්, ඒ පිලිබදව දැනුවත් වෙමු.

ගසක පස් පංගුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් බේරාගැනීමට හා සුවකිරීමට හැකිබව ඔබ දන්නවද?

ඔබ නොසිතා විනාශ කරන දෙයකින් ජීවිතයක් ගොඩගන්න පුලුවන්. ඒ පිලිබදව දැනුවත් වෙමු. නමුත් එසේ කිරීමට හැකියාව ඇතත් ඔබේ නොදැනුවත්කම නිසා එය විනාශවෙනබව දන්නවද?

ලෝකයේ කොහේවත් නැති ගස්වැල් අපරටේ තිබෙනවා. ඒ වගේම ඒ සියලුම ගස්වැල් කුමන හෝ බෙහෙතක් වෙනවා. මෙය අපේ රටට හිමි සුවිෂේශීවූ ගුණයක්. ඒ වගේම බුද්දදාස රජු, පරාක්‍රම බාහු රජු, රාවනා රජතුමා මෙන්ම පුලතිසි ඉෂිවරයා දක්වාම අපගේ හෙළ වෙදකම දිවෙනවා. ඉතින් ඊටත් වඩා පැරණි අපේ මේ හෙළ වෙදකම නිසාම අපට උරුමවූ මෙම ඖෂදීය ශාක සහ ගස්වැල් අපට සම්පතකි. නමුත් එය නොවැටහීම රටේත් දැයෙත් අබාග්‍යකි.

ගහකොල, සතා සිව්පවා, සහ මිනිසා සොබාවධර්මයේ දායාදයන්. එම නිසා මිනිසුන්වූ අපට වෙන කිසිම බෙහෙතක් ඇගට අල්ලන්නෑ. මොකද ස්වබාවය ධර්මයට අයිති දෙයකට යලි තිබූ තත්වයට ගන්නනම් ස්වබාවික දෙයක්ම දියයුතුයි. උදාහරණයක් දෙන්නම්.

අපි කැල්සියම් කාබනේට් පෙති ගත්තට ඇගට අල්ලන්නෙ 12% පමණයි. නමුත් ස්වබාවික කැල්සියම් දුන්විට 100% ශරීරය උරාගන්නවා. දැන් ඔබට තෙරෙනව ඇති බටහිර වෛද්‍යක්‍රමයෙන් මිනිසුන්ගේ ලෙඩ සුව නොවන්නෙ මොන හේතුව නිසාද යන්න. මිනිසෙක් තවත් ලෙඩෙක්ව සුවපත් කරන්න කටයුතු යෙදීම, අවශ්‍යය බෙහෙත් සැපයීම, බෙහෙත් පැලෑටි වවා ආරක්ශා කිරීම නිරොගීව ඉන්න පුලුවන් පිනක්.

මම දැන් කියල දෙන්න යන්නෙ අපි විනාශ කරන දෙයින් ලෙඩෙක්ව බේරාගැනීම හා තමන් නිරෝගීව ඉන්න පුලුවන් වැඩක් පිලිබදවයි.

සමහර ගස්වල, මල්, ගෙඩි, කොල, පොතු, සහ මුල් කියන පස්පංගුවම ඖෂධ සෑදීම සදහා ලබාගන්නවා. ඉතින් මෙවැනි ගුන ඇති ගසක් කුමක් හෝ හේතුවන් නිසා කපනවානම් එම ගසත් නිකරුනේ පුලුස්සා දමන මෙම පංගු පතත් අසරන ලෙඩෙක් උදෙසා පරිත්‍යාග කරන්න පුලුවන්. ඒවගේම ඒක ලොකු පිනක්. මෙවැනි ක්‍රියා තුලින් අපගේ ගහකොල ආරක්ශා කරගන්න හැකිවෙනවා. ඒ වගේම ඔබ ඔබගේ ඉඩමෙන් ගහක් ඉවත් කරනවානම් තවත් ගසක් සෑදීමට වගබලාගන්න. මොකද අපි පරිසරයට විශාල ණයක් තියනව. කවදාහරි ඔබ ඒ ණය ගනන් හදා තිබේද?

පස් පංගුවම ගතහැකි ගස්.

  • අරලු
  • බුලු
  • නෙල්ලි
  • දෙහි
  • ඇඹුල් දොඩම්
  • නස් නාරන්
  • හීන් නාරන්
  • කූඩළු දෙහි
  • ගොරකා
  • සුදු හදුන් අරටුවත් සමග
  • ඇහැල
  • පාවට්ටා
  • සියඹලා
  • කුඹුක්
  • කුරුඳු
  • ජම්බු
  • බෙලි
  • බලු නකුට
  • බෙහෙත් එඬරු
  • රත් අශෝක
  • කොහොඹ
  • වැලි අනෝදා
  • මොර
  • රුක් අත්ත්න
  • මල් ගස්ලබු
  • ගල් අන්නාසි ගස්
  • බැබිල ගහම
  • එලබටු ගහම
  • දිය තිප්පිලි

 

එවැනි ගසක් හෝ කිහිපයක් ඉවත් කරනවනම් පහත සදහන් නොම්මර වලට කතාකරන්න. කතාකර ඔවුන්ට එය ලබාදෙන්න.

Lalith Mahatha 0773865497
Wasantha Mahatha 0773116559

මෙවැනි ගස් නිකරුනේ පුලුස්සා දමන්න එපා. ලෝක අපරාදයක්. මෙම ගස්වලින් අසරනයන් විශාල පිරිසක් සුවපත්කල හැකී. ඒක මහා පුන්‍ය කර්මයක්. අපි සියලුම දෙනාට මෙම පිනට සහබාගීවන්න පුලුවන්.

එසේනම් මෙම ලිපිය ශෙයා කරන්න. අනිත් අයටත් මේ පනිවිඩය ලබාදෙන්න.
අපි අපේ යුතුමක ඉටුකරමු.!
තෙරුවන්සරනයි !!

This Post Has 4 Comments

  1. My spouse and I stumbled over here by a different website and thought I might as well check things out. I like what I see so now i’m following you. Look forward to finding out about your web page yet again.

  2. Hi, very nice website, cheers!
    ——————————————————
    Need cheap and reliable hosting? Our shared plans start at $10 for an year and VPS plans for $6/Mo.
    ——————————————————
    Check here: https://www.reliable-webhosting.com/

  3. Very useful letter

Leave a Reply