Hotline: (+94) 071 55 600 55
නෙල්ලි

නෙල්ලි

සංස්කෘත නාමය – ආමලකී

උද්භිත නාමය – Phyllanthus emblica L

කුලය – Euphorbiaccae

නෙල්ලි කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. ඒවගේම නම අහපු ගමන්ම කටට ඇබුල් ගතියක් ආවනම් පුදුමවෙන්න කාරනයක්නම් නැහෑ. නමුත් ගහ සහ කොල පිලිබදවත් ගුණය පිලිබදවත් දැනගන්න කැමති ඇති.

ගස මද්‍යම ප්‍රමානයේ වන අතර, කොල ඉතාමත්ම සිහින්ය. කොල ඉතාමත් ලගින් පිහිටන අතර සියබලා කොලයක ආක්කරයක් ගනී. මල් අදුරු පැහැති කොලපාටක් ගනී. ස්ත්‍රී සහ පුරුෂ මල් එකම ඉත්තේ පොකුරක් මෙන් හටගැනේ. පුරුෂ මල් ඉතා කුඩා වන අතර විශාල ප්‍රමාණයක් හැටගැනේ. නමුත් ස්ත්‍රී මල් පුරුෂ මල් වලට සාපේක්ෂව ඉතා අඩුය.

ඵලය කහ පාට හා කොලපාට මිස්‍ර පාටකින් යුක්තවේ. එමෙන්ම දිලිසෙන ස්වබාවයක්ද ගනී. එක ගෙඩියක් 6කට පමණ බෙදී ඇත. වනාන්තරවල සෑදෙන ගස්වල ගෙඩි තරමක් කුඩාවන අතර සාදන ලද ගස්වල ගෙඩි ප්‍රමනයෙන් ටිකක් විශාලවේ. ගෙඩියේ රසය පස් ආකාරයකි.

  1. ඇබුල් රස
  2. කටුක රස
  3. කහට රස
  4. තිත්ත රස
  5. පැණි රස

මෙම සියලුම රසයන් නෙල්ලි ගෙඩිය සතුව පවතී. මෙම ශාකය වියලි කලාපයේ දක්නට ලැබෙන ශාකයකි. හෙල වෙදකම, ආයුර්වේදයට වගේ මෙය නැතිවම බැරි ඖෂධයකි. අරලු, බුලු, නෙල්ලි කියන්නේ මෙම වෛද්‍ය ක්‍රමයන්ට නැතිවම බැරි දෙයකි. මෙය ආයුර්වේදය ත්‍රිපලා යන නාමයෙන් හදුන්වනු ලබයි.

පහත සදහන් රෝගයන් සදහා නෙල්ලි යොදාගැනේ.

  • ආමාශ රෝග සදහා.
  • අර්ශස් රෝගය සදහා.
  • ප්‍රතිශක්තිකරණ සදහා.
  • මුත්‍රාසයේ රෝග සදහා.
  • සමේරෝග සදහා.
  • පාචනය අතීසාරය සදහා.
  • මෙන්ම විටමින් C බහුලම ඖෂධයකි.

නෙල්ලි මීපැනි සමග පොගවා ගැනීමෙන් අපට තවත් විශාල වාසි රැසක් ලබාගත හැක.

  • ඇස් පෙනීම වර්දනයට.
  • ශරීරයේ විශ හරනයට.
  • අසාත්මිකතාවයන්ට.
  • ආහාර රුචිකත්වය වර්දනයට.
  • කොන්ඩය වර්දනයවීමට.
  • කාන්තා රෝග ආදී විශාල වටිනාකමක් ඇති ඖෂධ ශාකයකි නෙල්ලි ලියන්නේ.

මෙම නෙල්ලි ගසේ මුල්, පොතු, කොල, මල් හා ගෙඩි යන පස් පංගුවම අසරණ රෝගීන් සුවපත් කිරීම සදහා යොදාගැනේ. මෙවැනි ගස් ආරක්ෂා කර ගැනීම ඉතාමත්න ගෞරවනීය කටයුත්තකි.

මෙම ගස ආරක්ෂා කිරීමටනම් මෙම ගසේ වටිනාකම දැනගත යුතුයි. එය දැනගැනීම සදහා හැකිතාක් ශෙයා කරන්න.

සියලුම දෙනට නිදුක් නීරෝගී බව ලැබේවා.

තෙරුවන්සරනයි. !!

0 Shares

This Post Has 4 Comments

  1. Hi my friend! I want to say that this post is amazing, nice written and include almost all important infos. I’d like to see more posts like this.

  2. Hi, very nice website, cheers!
    ——————————————————
    Need cheap and reliable hosting? Our shared plans start at $10 for an year and VPS plans for $6/Mo.
    ——————————————————
    Check here: https://www.reliable-webhosting.com/

Leave a Reply