Hotline: (+94) 071 55 600 55
පිටවක්කා

පිටවක්කා

පිටවක්ක කිව්වම අහල පුරුදු ඒත් හුගදෙනෙක් අදුරන්නේ නැති ඖෂධ පැලෑටියක්. නමුත් අපේ මිදුලේ දක්නට තිබෙන අපි වල් පැලෑටියක් යැයි සිතන් විනාශ කරන නමුත් අපිට නීරෝගීව ඉන්න ස්ව්භාවධර්මය විසින් දායාදකල වටිනා ඖෂධයක්. මෙවැනි ශාක පැලෑටි අදුරගැනීමට නොහැකිවීම ජාතියේම අභාග්‍යකි.

pitawakka3

මෙවැනි පැලෑටි පාසලේ විශය නිර්දේශයට ඇතුලත් කර තිබුනේ නම් අද මේතරම් ලෙඩරෝග වලින් පීඩාවිදින්න සිදුවන්නේ නෑ. තමන්ගෙදේ අගය නොකරන ජාතියකින් ගස්වැල් සුරකීම බලාපොරොත්තු වෙන්නත් බෑ. නමුත් සිටින අතලොස්ස හරි මේව දැනගත යුතුයි.

පිටවක්ක ශාකය නෙල්ලි කොලේට සමාන කොලයක් ඇති 40 cm, 60 cm පමණ උසට වැඩෙන ශාකයකි. මෙය වර්ග දෙකකින් සමන්විත වේ. රතුපාට දන්ඩ සහිත පිටවක්කා හා කොලපාට දන්ඩ සහිත එල පිටවක්කා යනුවෙන්. මෙහි කොලය පිටුපස පුංචි ගෙඩි වැලක් සේ දක්නට ලැබෙනවා. ඖෂධ ගුනය ඉතා ඉහල ශාකයකි. ලෙඩරෝග ගනනාවකට ප්‍රයෝජනවත් වන මෙම ශාකය ඉංග්‍රීසියෙන් Stone Breaker නමින් ද, අප විවහාරයේ බිම් නෙල්ලි ලෙසින්ද හදුන්වනු ලබයි.

මොන රෝග වලටද පිටවක්කා සුදුසු යැයි සෝයාබලමු.

  • සෙංගමාලයට (කහ උන)
  • දියවැඩියාව පාලනයට
  • දිලීර, වෛරස්, බැක්ටීරියා ආසාදන
  • වකුගඩුවල ගල් ඉවත්කිරීමට
  • ක්ශයරෝගය
  • පීනසය
  • සෙම් රෝග
  • මලබද්දය
  • මුත්‍රා ආසාදනයන්
  • පනු රෝග වලට
  • ලේ පිරිසිදු කරීමට
  • අක්මාවටද ඉතාම ගුනයි

පැලය මේතරම් පුංචි උනත් කොපමන ගුනයක් මෙහි ගැබ්වී තිබෙනවාද නමුත් වල් පැලෑටියක් යැයි සිතා අප උගුල්ලා විසිකරන්නේ මේතරම් වටින ශාකයක්. අක්මාව හොදින් තියනව කියන්නෙ ශරීරයේ සියලුම විශ නසන මෙන්ම විශාල හෝමෝන ප්‍රමානයක් සාදන හා තවත් විශාල කාර්‍යය භාර්‍යක් කරන ශරීරයේ හදවතට මොලයට පමනම් දෙවැනිවූ අවයවයයි. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය සදහන් වෙනවා “සොයාගන්න බැරි රෝගයක් නම් අක්මාවට වෙදකම් කරන්න. එවිට එමරෝගය සුවපත් වේ” යනුවෙන්. මෙම පිටවක්කා ශාකයෙන් අක්මාව සුවපත් කිරීමම අතිවිශිශ්ඨ ගුනයකට හිමිකම් කීමකි.

මෙමෙ ශාකය මුල් සමග ගලවා වේලා කුඩු කරගෙන තේ වෙනුවට පානයකල හැකි ඖෂධයකි. මෙහි රසය ඉරමුසු වගේ රසයක් ගනී.

මෙය පොල්කිරි නොදා සාදාගන්නා කොල කැද එකත් ඉතාමත් ගුනයෙන් ඉහලයි.

කවලම් පලා මැල්ලුමක් සාදනවනම් පිටවක්ක අනිවාර්ය කරගන්න.

ගමේ වැල් ගොටුකොළ මිටක්,පිටවක්කා, රතුලූනු හා ගම්මිරිස් ඇට දෙකක් දමා සාදාගන්නනා මැල්ලුම හෝ කැද පීනසයට ඉතාමත් ගුනයි.

තාමලක්‍යාදී කෂාය මෙම පිටවක්කා ශාකයෙන් පීනස් රෝගය සදහා සාදනු ලබයි.

මෙවැනි ශාක මුලින්ම හදුනා ගැනීමත් රැකගැනීමත් ඔබේත් සමාජයේත් වගකීමක්. මෙන්ම සියලුම දෙනාට නීරෝගීව සිටීමට පිටුවහලක් ද වනු ඇත.

මෙය ශේයාකර ඔබත් සමාජයට මෙහෙවරක් කිරීමට දායකවන්න.

තෙරුවන්සරනයි…!!

This Post Has 4 Comments

  1. Thankyou for this post, I am a big big fan of this web site would like to proceed updated.

  2. Like!! I blog frequently and I really thank you for your content. The article has truly peaked my interest.

  3. Like!! I blog quite often and I genuinely thank you for your information. The article has truly peaked my interest.

  4. Hi, very nice website, cheers!
    ——————————————————
    Need cheap and reliable hosting? Our shared plans start at $10 for an year and VPS plans for $6/Mo.
    ——————————————————
    Check here: https://www.reliable-webhosting.com/

Leave a Reply